ඔබට සතුට වාසනාව​!
මෑත යුගයේ වීඩියෝ

පිරිත් යනු පරිත්ත යන පාලි වචනයේ සිංහල ස්වරූපයයි. එහි අරුත ආරක්‍ෂාව යන්නයි. සාම්ප්‍රදායික නිර්වචනයට අනූව "එය කෙනෙකු සෑම පැත්තකින්ම සෑම දිශාවකින්ම ආරක්‍ෂා කරන්නේ ය​."
පිරිත් යනු බුද්ධ වචනය සජ්ජායනා කිරීමයි. මේ සජ්ජායනය පෞද්ගලික මට්ටමින් හෝ කණ්ඩායම් මට්ටමින් කළ හැකි වේ. ආරම්භයේ දී මේ සජ්ජායනය පවත්වනු ලද්දේ හුදෙක් සත්‍යය තහවුරු කිරීමක් පමණි. නොඑසේ නම් යමෙකුගේ ආධ්‍යාත්මික ගුණ වගාවේ බලය ආශිර්වාදය ලබා දීමක් වශයෙනි. එය ත්‍රිවිධ රත්නයේ අසහාය බල මහිමය ප්‍රකාශ කරන ක්‍රියාදාමයක් බවට පත් වේ.

අද එය රෝග වාරක චිකිත්සක චාරිත්‍ර වාරිත්‍රාත්මක බෞද්ධ ක්‍රියාදාමයක් බවට පත් වී ඇත්තේ පිරිත් සජ්ජායනා පැවැත්වෙන්නේ සියළු දුක් (සබ්බ දුක්ඛ​) සියළු රෝග (සබ්බ රෝග​) සියළු භය (සබ්බ භය​) මුලින්නුපුටා ලන බලවේගයක් හැටියටය​. මෙය එක්තරා ජප කිරීමේ ක්‍රමයකි. බෞද්ධ සම්ප්‍රදායේදී විවිධ දේශ වල විවිධාකාරයේ පවිත්‍රාන දේශනාවල උත්සව පැවැත්වේ. ඒවා පැවැත්වෙන්නේ විශේෂයෙන්ම ලෙඩ රෝග බිය අමනුශ්‍යයන්ගෙන් ඇතිවන අන්ත්‍රරාය ආදිය නැති කර ලන්නටත් ආරක්‍ෂාව පතා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගන්නටත්‍ ය. ඒ නිසා අද යුගයේදී පිරිත් සජ්ජායනාව සලකනු ලබන්නේ භිය සහ ලෙඩරෝග වලට එරෙහිව අප ආරක්‍ෂා කරන බලවේගයක් හැටියට ය​.

අද එය විශාල උත්සවයක් බවට නොඑසේනම් චාරිත්‍රයක් බවට පරිවර්තනය වී අත්තේය​. එසේ වුවද කිසිවෙකු විසින් මේවා බුදු හිමියන්ගේ නියම දේශනා හැටියට ග්‍රහණය කර ගත යුතු නොවේ. මේවා පුද්ගලයන්ගේ බුද්ධිය හා මනස විවර කරන බාධාවක් බවට පත්විය හැකි යැයි බුදු හිමියන් වහන්සේම වදාල සේක​. එසේම එය ලෞකික කාමාවචර ලෝකයෙහි අරූපාවච ලෝකයෙහි යලි යලි උපදින්නට උපකාරවන බල වේගයක් හැටියට බුදු හිමියන් වහන්සේ දෙසූ සේක​. වෙන අන් අයුරකින් පැවසුවහොත් එය මෙසේය​.මේ චාරිත්‍රය සංසාර ගමන දිගට පවත්වාගෙන යාම සඳහා ඉන්ධනයක් බවට පත්වේ. යමෙකු මෙය ග්‍රහණය කර ගතහොත් එය සතරාකාර ග්‍රහණ වලින් එකක් බවට පත්වේය​. ඒ හතර මෙසේය​.
පංචේඳ්‍රයන් පිනවීමේ ග්‍රහණය​
සංකල්ප වලට එළඹීමේ ග්‍රහණය​
චාරිත්‍රවාරිත්‍ර වලට ඇබ්බැහි වීමේ ග්‍රහණය​
ආත්මයක් පිළිබඳ විශ්වාසයට නතුවීමේ ග්‍රහණය​

බුදු හිමියන් වහන්සේ හැම විටම දේශනා කළේ ඉන් එකක්වත් ග්‍රහණයට අසුවිය යුතු නැතැයි කියා ය​. බුදු හිමිගේ බුදු මෙසේ වදාළ සේක​.
"පින්වතුනි, ඔබට අයත් නොවන හැම දෙයක්ම අත්හරින්න​."
එසේ වුවද පළමුවෙන්ම පැහැදිලිව අවබෝධ කොටගත යුතු කරුණු කීපයක් වේ. මෙවැනි බෞද්ධ සජ්ජායනා මන්තර ජපකිරීමක් නොවේ. දේව කන්නලව් ද නොවේ. මේවා හුදෙක් සත්‍යය ප්‍රකාශකොට සිටීමකි. භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් පිරිත් ගායනා කරන විට ඔවුන් එසේ ගායනා කරන්නේ "බුදු රජාණන් වහන්සේ විසින් සත්‍යය පිළිබදව කරන ලද අනම්‍ය ප්‍රකාශනයක් හැටියමයි"පවිත්‍රාන දේශනාවක් වශයෙන් බුදුහිමියන් විසින් කරන ලද පළමුවන පවිත්‍රාන ධර්මය නම්, "ඛන්ධ සූත්‍රයයි. මෙය ස්කන්ධයන් පිළිබඳ දේශනයකි. මෙය අන්තර්ගත වන්නේ විනය පිටකයේ චුල්ල වග්ගයේ ය​. මේ සූත්‍රයේ නිධාන කථාවට අනූව බුදු හිමියන් විසින් දක්වා සිටින ලද්දේ එක්තරා කථාවකි. ඒ කථාව මෙසේ ය​.

වරක් භික්‍ෂුන් වහන්සේ නමකට සර්පයෙක් දෂ්ඨ කළේය​. ඒ භික්‍ෂුන් වහන්සේ අපවත් වූයේ ය​. එවිට බුදුරජාණන් වහන්සේ භික්‍ෂුන් වහන්සේලාට අවවාද දෙමින් කියා සිටියේ නාගරාජ කුළ අතරේ සියළුම සර්පයන්ට මෛත්‍රී පූරවක සිතුවිලි යොමු කරන්නැයි ලෙසයි. බුදු හිමියෝ මෙසේ වදාළහ.
"භික්‍ෂුණි යම් කිසි මහන කෙනෙකු විසින් සතර රාජකුල නාගයින් වතට මෛත්‍රී පූරවක හැඟීම් යොමු කරන ලද්දේ නම්, මේ මහණ තෙමේ නාගයෙකු දෂ්ඨ කොට මිය නොයන්නට
ඉඩ තිබුණේ ය​."

බැතිමතුන් බියෙන් අන්ත්‍රායෙ අන්ත්‍රායෙන් ලෙඩ රෝග වලින් වලක්වා ගනු පිණිස බුදු හිමියන් විසින් විවිධාකාරයේ ආරක්‍ෂක පවිත්‍රාන දේශනා පවත්වන ලදි. මේවා ඉතා බල සම්පන්න දේශනා බව පැහැදිලිය​.ඉන් සමහරක් නම්, ධජ්ග්ග සූත්‍රය​, රතන සූත්‍රය​, බොජ්ජංග සූත්‍රය​, මෝර පරිත්‍ර සූත්‍රය සහ ආටානාටිය සූත්‍රයයි. ක්‍රි.ව​. 1235 දී පමණ ශ්‍රී ලංකාවේ බහුශ්‍රත හිමිපාණන් වාන්සේලා එකතු වී බුදු හිමියන් විසින් සැරියුත් හිමියන් විසින් සහ සෙසු හිමිවරුන් විසින්ද දේශනා කරන ලද ඇතැම් සූත්‍ර ග්‍රන්ථාරූඪ කළහ​. මේ ග්‍රන්ථය පිරුවාණා පොත්වහන්සේ නම් වේ.

බලසම්පන්න ශ්‍රේෂ්ඨ සූත්‍ර 24 ක් ඒ පොත් වහන්සේ නම් ග්‍රන්තයේ අන්තර් ගතය​. ඒවා අතර ආරම්භයේ දී සූත්‍ර 3ක් ග්‍රන්ථාරූඪ කර ඇත්තේය​. ඒවා නම් මංගල සූත්‍ර​, රතන සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රයයි. මේ තුන් සූත්‍රය ථේරවාද දේශනයන්හි ඉතා ප්‍රසිද්ධය​. ඒ එක් එක් සූත්‍රයෙහි ආ පිළිබඳ නිධාන කථාවක් ඇත්තේ ය​. ඒ නිධාන කථා ඉතා සිත්ගන්නා සුළුය​.

මංගල සූත්‍රය දේශනා කරන ලද්දේ එක්තරා දෙවියෙකු විසින් මංගල යනු කවරේදැයි බුදු හිමියන්ගෙන් විමසූ නිසාය​. එයට පිළිතුරු වශයෙන් බුදු හිමියන් විසින් දේශනා කරන ලද මංගල සූත්‍රයෙහි මිනිසුන්ට යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍යවන මංගල කරුණු 38ක් අන්තර්ගත වේ. ඒ 38 අතුරින් බුදු හිමියන් විසින් ගෙනහැර දක්වනු ලබන පළමුවන මංගල කරුණ නම් "අසේවනාච බාලානං" යන්නයි​. මෙහි අදහස නම් නූගතුන් ආශ්‍රය නොකළ යුතුය නම් කාරණයයි. දෙවන මංගල කරුණ නම් උගතුන් ආශ්‍රය කිරීමයි. ඉන්පසුව බුදු හිමියන් කියා දුන්නේ දෙමාපියන්ට උවටැන් කිරීම, අඹුදරුවන් ආරක්‍ෂා කිරීම මංගල කරුණු බවයි.
රතන සූත්‍රය දේශනා කරන ලද්දේ දඹදිව විශාලා නුවර නියඟයක් හා දුර්භික්‍ෂයක් ඇති කාලයේදී ය​. එහි ප්‍රතිඵලයක් වශයෙන් අමනුශ්‍ය භිය ද ඇති විය​. කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරන ලද්දේ භික්‍ෂූන් වහන්සේලා වනගහනයක මෛත්‍රී භාවනාව වඩද්දී අමනුශ්‍යයන් විසින් ඔවුන් තුළ ඇති කරන ලද භිය හේතුකොට ගෙනය​.
ධජග්ග සූත්‍රය දේශනා කරන ලද්දේ භිය ඇති වන්නේ කෙළෙස් බර මිනිසුන් තුළ යැයි දක්වා සිටිනු පිණිසයි. සම්මා සම්බුදුවරු සහමුලින්ම කෙළෙස් ප්‍රහීන කළ ඇත්තෝ වෙති. ඒ නිසා ඔවුන්ට භියක් සන්ත්‍රාසයක් නැත​. ඒ සූත්‍රයෙහි කියවෙන පරිදි වරක් දෙවියන්ට අධිපති සක්‍රයා තමන්ගේ දේව පිරිස අමතා මෙසේ කීයේය​. "සතුටු මනස ඇත්තෙනි! ඔබට බියක් සංත්‍රාසයක් රෝම හර්‍ෂයක් ඇතිවිය හොත්, ඔබ විසින් හැම විටම මගේ ධ්වජයෙහි උඩු කොත දෙස බැලිය යුතුය​. බියක් සංත්‍රාසයක් රෝම හර්‍ෂයක් ඇති ඕනෑම කෙනෙක් මගේ මාලිගයේ මුදුනේ තිබෙන ධ්වජය දෙස බැලූ කල්හි ඔවුන්ට වධදෙන හැම බියක් සංත්‍රාසයක් හා රෝම හර්‍ෂයක් නැති වී යන්නේය​"

එහෙත් බුදු හිමියෝ මෙසේ දේශනා කළහ​. "සක්‍රයාගේ ධ්වජයෙහි මුදුන බලන කෙනෙකුට භියක් සංත්‍රාසයක් රෝම හර්‍ෂයක් ඇති වන්නේ හෝ නැති වන්නේ මක් නිසාද​? එයට හේතුව කුමක් ද​? මහණෙනි දෙවියන්ට අධිපති සක්‍රයා කෙලෙස් බරින් මිදී නැත​.ඔහු රාග, ද්වේශ​, මෝහයෙන් ගැලවී නැත​. ඔහු භයට සංත්‍රාශයට පත් වේ. ඔහු බියෙන් පැනයන සුළුය​. මහණෙනි, මම ඔබට මෙසේ දේශනා කරමි. ආරණ්‍යයක හෝ ශූන්‍යාගාරයක හෝ වෘක්‍ෂ මූලයක ඔබ වැඩ වෙසෙන්නේ නම් එසේ සිටින විටක ඔබට කවර විදිහේ බියක් සංත්‍රාසයක් රෝම හර්‍ෂයක් දැනුනත් ඔබ විසින් කළ යුත්තේ මා සිහිපත් කිරීමය​. බුද්ධ ධර්ම සංඝායන ත්‍රිවිධ රත්නය සිහිපත් කිරීමයි. එසේ කළ විට හැම බියක්ම සංත්‍රාසයක්ම රෝම හර්‍ෂයක්ම නැතිවී යන්නේ ය​. බුදු හිමියෝ භගවා නම් වේ. සම්මා සම්බුද්ධ වේ. වීතරාගී වෙති. වීතදෝශී වෙති. වීත මෝහී වෙති. බුදු හිමිපාණන්ට බියක් සංත්‍රාසයක් නැත​. බුදු හිමියෝ පැන නොයෙති."

බොජ්ජංග පිළිබඳවත් සූත්‍ර 3ක් ඇත්තේය​. ඉන් පළමු වැන්න බුදුහිමියන් විසින් දේශනා කරන ලද්දේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රෝගී වූ අවස්ථාවකයි. බුදුහිමියන් රජගහ නුවර වේළුවනාරාමයේ වැඩසිටින විටක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රෝගී වී ඇති බව දැනගත් සේක​. ඒ කාලයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වාසය කළේ ලෙනකයයි. බුදුහිමියන් වහන්සේ මහා කාශ්‍යප හිමියන් වෙත මේ සූත්‍රය වදාළ සේක​. සූත්‍රය වදාරා අවසානයේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සතුටු ලෙසින් නීරෝගීව නැගීසිටි සේක​. මහා කාශ්‍යප හිමියන්ගේ රෝගය නිවාරණය කරන ලද්දේ ඒ ආකාරයෙනි.
දෙවන බොජ්ජංග සූත්‍රය දේශනා කරන ලද්දේ මහා මුගලන් ස්ථවිරයන් උදෙසායි. උන්වහන්සේ රෝගීව ගිජ්ජකූටයෙහි වාසය කළ සේක​. බුදු හිමියෝ එතුමන් වෙත ගොස් ඒ සූත්‍රය දේශනා කළ සේක​. මුගලන් හිමියෝ රෝගය සුව වී නැගී සිටි සේක​.

ඉන්පසුව අපට තවත් ශ්‍රේෂ්ඨ දේශනාවක් හමුවේ. එය ගිරිමානන්ද සූත්‍රය නම් වේ. එය දෙසා වදාරණ ලද්දේ ගිරිමානන්ද ස්ථවිරයන්ටයි. මේ වටිනා සූත්‍ර දේශනාවෙහි දස විද විදර්ශනා පෘතුල ලෙස විවරණය කෙරේ. එහිදී බුදුහිමියෝ විවිධ රෝග වර්ග විස්තර කළ සේක​. බුදුහිමියෝ මෙසේ වදාළහ​.
"මේ සිරුරෙහි විවිධ රෝග පැනනගී. අක්‍ෂි රෝග, චර්ම රෝග, මුඛ රෝග, දන්ත රෝග, කැස්ස​,ඇදුම​,පීනස්, උණ​, ආමාශ රෝග, ක්ලාන්ත​, පාචන​,තියුණු වේදනා, කොළරා, ලාදුරු, ගෙඩි, වණ, ක්‍ෂය රෝග​, මීමැස්මොර​, කැඩීම්,හොරි,රුධිර රෝග, දියවැඩියා, අංශභාග​,පිළිකා ආදී රෝග වා පිත් සෙම් හේතු කොටගෙන හටගනී. මේවා හටගන්නේ ඍතු විපර්‍යාස නිසාය​. මේවා නිසි අවධානය නොමැති නිසා ස්වාශ රෝග නිසාත් , කර්මය නිසාත් සීතල හා උෂ්ණය නිසාත් හා පිපාසය නිසාත්, මළමුත්‍ර කිරීම නිසාත් හටහනී.
මීළඟ සූත්‍රය නම් ඉසිගිලි සූත්‍රය යි. එහි විවිධ පසේ බුදුවරුන්ගේ නම් සඳහන් වේ. එතුමන්ගේ චරිත ලක්‍ෂණ සඳහන් වේ. මීළඟට බුදු හිමියන්ගේ මඟුල් බණවාරය ලෙස සැලකෙන ප්‍රථම දේශනය ඇත. එනම් ධම්මචක්කපවත්වන සූත්‍රය යි.

ඉන්පසුව ඇත්තේ මහා සමය සූත්‍රය යි. එය විශාල සම්මේලනයක් පිළිබඳ සූත්‍රයකි. ආලෝක සූත්‍රය ඊට පසු වේ. එහි ඇත්තේ ආලවකයාට දේශනා කරන සූත්‍රයයි. එයද සිත්ගන්නා කථාවකි. ආලවක යක්‍ෂයාට ධර්මය අවබෝධ කොට ගැනීමට ශක්තියක් තිබෙන බව බුදු හිමියෝ දුටු සේක​. බුදු හිමියෝ ආලවකයාගේ විමානයට වැඩසිටි සේක​. ඒ යන විට ආලවකයා ඔහුගේ නිවාසයේ නොසිටියේ ය​. බුදු හිමියෝ ඒ නිවසේ අසුනක් අරා වැඩ උන්හ​. පෙරලා පැමිණි ආලවකයා බුදු හිමියන් සිය නිවසෙහි අසුනක අරා වැඩ සිටිනු දුටුවේ ය​. කෝපාවිෂ්ඨ වූ ඔහු "මහණ මෙතැනින් යන්නයි" ගුගුලේය​. බුදු හිමියෝ නිහඬව ඉවතට ගිය සේක​. එවිට "මහණ ගෙට එවය​" ආලවකයා පැවසුවේ ය​. බුදු හිමියෝ ගෙට ආහ​. දෙවතාවක් මෙසේ කිය​. තුන්වෙනි වතාවේදීත් බුදු හිමියෝ ඔහු කී දේ කළ සේක​. සිව්වන වාරයේ දී පිටවෙන්නැයි ආලවකයා කීවේය​. හතරවෙනි වාරයේ දී බුදු හිමියෝ මෙසේ වදාලහ​. "මම මින් පිටවී නොයන්නෙමි. නුඹට කැමති දෙයක් කරන්න​." ආලවක මෙසේ කීය​. "මම ඔබගෙන් පැනයක් විමසමි. ඔබ එයට පිළිතුරු නොදෙන්නේ නම් එක්කො මම මොළය අවුල් කරමි. නොඑසේනම් ඔබගේ හදවත පලා දමමි. නොඑසේනම් ඔබ දෙකකුලෙන් අල්ලා ගඟින්ට එතෙර විසි කරමි. " ආලවක මගේ මනස අවුල් කරන්නට හෝ මගේ හදවත ඉරා දමන්නට හෝ මා දෙපසින් අල්ලා ගඟින් එතෙරට වීසිකරන්නට හෝ සමත් දෙවියෙක්, බ්‍රහ්මයෙක් හෝ ලෝකයේ කිසි තැනකවත් නොමැත​. යහළුව ඔබ කැමති ප්‍රශ්නයක් විමසන්න​.එවිට ආලවක එක් පැනයක් නොව බොහෝ ප්‍රශ්න විමසිය​. බුදු හිමියෝ ඒ පැනයන් සියල්ලම විසදීය​. අන්තිමේ දී ආලවකයා බෞද්ධ ශ්‍රාවකයෙක් විය​.

මීළඟ සූත්‍රය දේශනා කළේ මීහරක් බාන් 500ක් ගෙන මිනිසුන් සිය ගණනක් යොදවා සිය කුඹුරු සී සාන ගොවියෙකුට ය​. බුදු හිමියන් එතැනට එන විට ඔවුහු ආහාර වලදන්නට සැරසෙමින් සිටියේ ය​. බුදු හිමියන් දැක බමුණු නායකයා මෙසේ කීය. "ශ්‍රමණය මම සී සාන්නේ, වී වපුරන්නේ වී සී සා වපුරා මම අහාර අනුභව කරන්නෙමි. ඒ නිසා ඔබත් සී සා වපුරා අනුභව කළ යුතුය​." එවිට බුදු හිමියෝ මෙසේ වදාළහ​. "බමුණ සත්‍යවශයෙන්ම මමත් සීසන්නෙමි. වපුරන්නමි. ඉන් පසු අනුභව කරන්නෙමි. මෙය අසා බමුණා මෙසේ කීය​. "අපිට ඔබගේ නඟුලක්, හීයක්,ඔබගේ මී හරකුන් නොපෙනේ. ඒත් ඔබ කියන්නේ සීසාන බවත්, වපුරන බවත්, ඉන් අනුභව කරන බවත්‍ ය​. එවිට බුදු හිමියෝ සිය අදහස විවරණය කරමින් මෙසේ පැවසූ හ​.
"බමුණ මගේ බිත්තර වී වන්නේ ශ්‍රද්ධාව යි. මානසික කැපවීම වර්‍ෂාවයි. මගේ නඟුල නම් බුද්ධියයි. මහේ නඟුල් හිස නම් හිරි ඔතප් ය​. කෙවිට නම් සිතේ ඒකාග්‍රතාවයයි. මගේ සිරුර ආරක්‍ෂිතයි. මගේ වචන ආරක්‍ෂිතය​. මම පමණ දැන ආහාර ගන්නෙමි. මා වළදන්නේ ආමාශයට පමණි. සත්‍යය මගේ නඟුල් තලය වේ. මගේ විමුක්තිය නම් මගේ ශික්‍ෂණය යි."
අවසානයේදී ඒ සූත්‍රය ඇසූ බමුණත් බෞද්ධ ශ්‍රාවකයෙක් වූයේ ය​. නොබෝ කලකින් ඔහු රහත්ඵල ලාභියෙකු වූයේ ය​.

වෙන තවත් සූත්‍ර ඇත්තේ ය​. පරාභව සූත්‍රය ඉන් එකකි. මේ සූත්‍රය දේශනා කරන ලද්දේ මංගල සූත්‍රය දෙසූ දාට හරියටම පසුදා ය​. වසල සූත්‍රයද බුදු හිමියන්ගේ තවත් දේශනාවකි. සච්ච විභංග සූත්‍රයේ දී බුදු හිමියෝ චතුරාර්‍යය සත්‍යය විග්‍රහ කළේ මේ සූත්‍රයේ දීය​. අවසාන වශයෙන් ආටානාටිය සූත්‍රය ඇත්තේ ය​. මේ සූත්‍රය ඉදිරිපත් කරන ලද්දේ දෙවියන්ට අධිපති සක්‍ර දේවේඳ්‍රයන් වෙනුවෙනි.

සර්ව රාත්‍රියක පවිත්‍රාන දේශනා උත්සවයකදී ශ්‍රී ලංකාවේ භික්‍ෂූන් වහන්සේලා මේ සූත්‍ර 24ම සජ්ජායනා කළ සේක​. පවිත්‍රාන දේශනා වර්ග 9 ක් වේ. ඒවා ඉතාම සරල පිරිත් දේශනාවල පටන් අතිශය විභූෂිත සාමූහික හා සාමාජික උත්සව දක්වා විහිදේ. ඒවා මෙසේ ය​.
1. ඉදහිට පැවැත්වෙන පිරිත් දේශනා. මේවා ඉතාම සුළුකාලීන පිරිත් දේශනාය​.
2. වරු දේශනය​. මේවා තුන්වරු පස්වරු ආදී වශයෙන් දිනපතා අඛණ්ඩව උදේ සවස පැවැත්වෙන පිරිත් දේශනාය.
3. සර්ව රාත්‍රික පිරිත් දේශනා. මේවා රැයක් පුරා පැවැත් වේ.
4. තුන්වරු පිරිත් දේශනා. මේවා එකක් පැය 12 බැඟින් වාර 3ක් පළමුවන දෙවන තුන්වන දිවා රාත්‍රී වලදී 36 පැයක් අඛණ්ඩව පැවැත්වේ.
5. වරු පහේ පිරිත් දේශනා ලංකාවේ පැවැත්වෙන ඉතාම විචිත්‍රවන් පිරිත් දේශනා වේ. පිරිත් දේශනා අඛණ්ඩව පැය 60ක් පැවැත් වේ.
6. සත්දින පිරිත් දේශන උත්සව​. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සම්ප්‍රධායික පිරිත් දේශනා අතර ඉතාම විචිත්‍රවත් පිරිත් දේශන ක්‍රමයයි. මේ පිරිත් දේශනාව දහවල් 7 සහ රෑ 7 ක් අඛ්ණ්ඩව පැවැත් වේ.
7. භික්‍ෂූණීන් වහන්සේලාගේ පිරිත් දේශනා. මෙහෙනින් වහන්සේලාගේ පවිත්‍රාන දේශනා. මේවා පවත්වනු ලබන්නේ උපසම්පදාව ලද වැඩිහිටි මෙහෙනින් වහන්සේලා විසිනි.
8. ගිහි පිරිත් දේශනා. මේවා පවත්වනු ලබන්නේ ගිහි බෞද්ධයන් විසිනි.
9. ත්‍රයිමාසික හෝ පූර්වා මාසික පිරිත් දේශනා. මෙවැනි පවිත්‍රාන දේශනා වලදී ඇතැම් සූත්‍ර වර්ග දහස් වරක් හෝ දස දහස් වරක් 80 දහස් වරක් හෝ සිය දහස් වරක් සජ්ජායනා කරන්නේ ය​. එමෙන්ම මේවා සජ්ජායනා කරන්නේ බෙහෙත් වර්ග යන්ත්‍ර සූත්‍ර වර්ග ආදියට පිරිත් ආශිර්වාදය ලබා දෙනු පිණිසය​.
මේවා විවිධ වර්ගයේ සජ්ජායන උත්සවයි. බුදු හිමියන්ගේ ලෝකෝත්තර ධර්ම දේශනා හා සම්මා සම්බෝධි ඥානයත් සමඟ සසදා බැලීමේ දී එවැනි පිරිත් දේශනාවල එතරම් වටිනාකමක් නැත​. බුදු හිමියන් වහන්සේ හැමවිටම පුන පුනා ප්‍රකාශ කළේ ගිරවුන් සේ බණ දහම් කීම නොව බණ දහම් අනූව තමන්ගේ ජීවන මාර්ගය සකස් කර ගැනීම අතිශය වටිනා බවයි. වරක් බුදු හිමියෝ මෙසේ දෙසූහ​. "ධර්මයේ හැසිරෙමි. ධර්මයෙන් සතුටු වෙමි.ධර්මය මුල් කොට ගෙන භාවනා කරමි. ධර්මය සිතේ දරාගෙන සිටින තැනැත්තා කිසි විටෙකත් පාරිශුද්ධ ධර්මයෙන් බැහැර වන්නේ නැත​."
අප සියළු දෙනා විසින්ම බුදු හිමියන්ගේ දහමෙහි අරුත තේරුම් ගත යුතුය​. තේරුම් ගෙන ඒ දේශනා අනූව අපගේ ප්‍රායෝගික ජීවිතය හැඩගස්වා ගත යුතුය​. එවිට අපට ඒ බුදු දහම මඟින් අපගේ ජීවිත තුළට සාමය වාසනාව හා අවසානයේදී මෝක්ශය කැඳවා ගත හැකිය​.

 
මෑත යුගයේ පොත්
ජීවන චරිතය
 ළමා සංවර්ධන පදනමේ නිර්මාතෘ
පවිත්‍රාන දේශනයේ බලසම්පන්නකම​.
sri lankan flag
මෙම ස්ථිවරයන් වහන්සේ සිය ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කළේ කොළඹ මාලිගා කන්දේ විද්ද්‍යෝදය පිරිවෙන මඟිනි. එතුමන් සිය උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන ලද්දේ කොළඹ හුණු පිටියේ ගංඟාරාම විහාරය මඟිනුත් දික්වැලි වැව්‍ රු කන්නල පිරිවෙණ මඟිනුත් ඉන්දියාවේ සම්පුරන් ආනන්ද සංස්කෘත බරණැස විශ්ව විද්‍යාලය මඟින්‍ ය​. ස්ථිවරයන් වහන්සේ පනාගොඩ හමුදා මූලස්ථානයේ බෝධි රාජාරාමයේ දහම් සෙවනේ සිඟිත්තෝ නමැති ළමා සංවර්ධන පදනම ආරම්භ කරන ලදී. එය ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අධ්‍යාත්මික ශික්‍ෂණය දියුණු කරනු පිණිසත් ය​. මේ පදනම ආරම්භ කරන ලද්දේ 1990 නොවැම්බර් 20වෙනිදා ය​. පසුව එහි කටයුතු රූපවාහිණී ආයතනය මඟිනුත් ශ්‍රී ලංකා ගුවන් සංස්ථාව මඟිනුත් විකාශනය කරනු ලැබුණේ ය​.

ගරු සුදුහුම්පොළ විමලසාර ස්ථිවරයන් වහන්සේ

daham_sevane_singiththo004008.jpg daham_sevane_singiththo004006.jpg
WWW.DAHAMSEVANESINGITHTHO.ORG.LK
මුල් පිටුව
දහම් සෙවනේ සිඟිත්තෝ
දහම් බ්ලොගය
පුවත්
සේවාවන්
අප ගැන
නිර්මාතෘ
අතීතය
පරිපාලනය​
රූපවාහිණී වැඩසටහන්
පුවත්පත් විස්තර
මිහිර පුවත්පත​
අපට සහය දෙන්නන්
අපව අමතන්න​
ළමා පිටුව
ඡායාරූප සහ වීඩියෝ
ප්‍රකාශන හිමිකම © 2013දහම් සෙවණේ සිඟිත්තෝ සියළු හිමිකම් ඇවිරිණි.
| නිර්මාණය කිරීම.
daham_sevane_singiththo004005.jpg
අපට අනුග්‍රහය​
දහම් සෙවනේ සිඟිත්තෝ
ළමා සංවර්ධන පදනමේ නිර්මාතෘ
නිර්මාතෘ සහ සභාපති
සම්බන්ධී කාරක
පරිපාලනය​