අපේ දක්‍ෂතා

සම්බන්ධ වීම

ඉතිහාස ගවේශනය

නිතිපතා වෛද්‍ය සහ සෞඛ්‍යය පරීක්‍ෂණ පැවැත්වීමේ පිළියම් සැපයීම සහ වෛද්‍ය උපකාර සැපයීම් ද කරනු ලැබේ. එසේම මේ අධීක්‍ෂණ මඟින් දරුවන්ගේ සහ දෙමාපියන්ගේත් වර්ධනය හා ප්‍රගතිය ද තහවුරු කෙරේ.
වරප්‍රසාද විරහිත දරුවන්ට හා යොවුන් අයට බල ආරෝපණය කිරීම සඳහා විශේෂ වැඩ සටහන් පැවැත්වේ. මෙම වැඩසටහන් ස්වයං පෝෂිත වැඩිහිටියන් වශයෙන් දිළිඳු බවින් මිදී වැඩිහිටි වගකීම් වලට මුහුණ පෑම සඳහා අවශ්‍ය කුසලතා හා දක්‍ෂකම් ඔවුන්ට ලැබෙන ලෙස මේ විශේෂ වැඩසටහන් මඟින් තහවුරු කෙරෙන්නේ ය​.
අප මූලික අධ්‍යාපනය සඳහා සහයෝගය සපයන්නේ පාසැල් උපකරණ, පාසල් ගාස්තු සහ නිල ඇඳුම්, ඉගැන්වීමේ වැඩසටහන් සම්පාදනය, ශිෂ්‍යත්ව ප්‍රධානය ආදීයෙන් සෙත සැලසීමෙනි. සුදුසුකම් සහිත තරුණ අයට සිය ද්විතීක අධ්‍යාපනය සම්පූර්ණ කර ගන්නටත් වෘත්තීය අධ්‍යාපන ආයතන වලට විද්‍යාල වලට සහ විශ්ව විද්‍යාලයට ඇතුළු වීමටත් මෙම ශිෂ්‍යත්ව උපකාරී වේ..
දිළිඳු දරුවන්ගේ ජීවන තත්වය දියුණු කිරීම සඳහාත් ඔවුන්ගේ අනාගතය යහපත් කිරීම සඳහාත් ආධාර කිරීමේ දී ප්‍රධාන තැනක් ගන්නේ ඔවුන්ගේ පවුල් වල ජීවන මට්ටම දියුණු කිරීමේ කාර්‍යයන්‍ ය. අපගේ අනුග්‍රහය ලබන පවුල් හා සමඟ එක් වී මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට කටයුතු කරන්නෙමු. එසේම යම් පවුල් වලට අතිරේක ආධාර අවශ්‍ය නම් ඒ ගැන අපට කල්තියා දැනගනු පිණිස අපි ජන කණ්ඩායම් වල සිටින අපගේ ස්වෙච්චා සේවක ජාලයේ සහාය ලබා ගන්නේය​.
සිය දරුවන් උදෙසා මූලික අවශ්‍යතාවයන් හා සම්පාදනය කිරීම ඉතාම අපහසු කාර්‍යයක් වූ පවුල් වලට යහපත් පෝෂණ තත්වයක් පවත්වාගෙන යෑම අසීරුය​. අපි අවශ්‍ය දරුවන්ට පෝෂණ පරීක්‍ෂණ පවත්වන්නෙමු. එසේම ඔවුනට පෝෂණ පුනරුත්ථාපනය ද ලබා දෙන්නෙමු. අපේ අනුග්‍රහය ලබන දරුවන්ටත් ඔවුන්ගේ දෙමාපියන්ටත් අපි පෝෂණ අධ්‍යාපන වැඩසටහන් පවත්වන්නෙමු. මේ හේතු කොට ගෙන ඔවුන්ට සෞඛ්‍යට හිත ඇති දේ තෝරා ගත හැකි වේ. දැනුවත් කමින් යුක්තව තීරණ වලට එළඹිය හැකි වේ. එසේම ආහාරවල පෝෂණ අගය ද දියුණු කර ගත හැකි වේ.
අප විසින් සංවිධානය කරන යොවුන් වැඩසටහන් වල සුවිශේෂී ලක්‍ෂණය නම් ඒවා සකස් වී තිබෙන්නේ අපගේ අනුග්‍රහය ලබන යොවුන් අයට විවිධ උපකාරක කම් සමූහයක් ලබා දීමය​. පාසල් වල රැදී සිටින්නටත් අර්ථවත් කාර්‍යයන්හි නිරත වන්නටත් දැනුවත් කමින් යුක්තව තීරණ වලට එළඹෙන්නටත් ස්වයං සංවර්ධනය ලබාගන්නටත් ඔවුන්ගේ පවුල් වලට හා ජන කණ්ඩායම් වල ප්‍රගතිය ලබා ගන්නටත් ඔවුන්ට සහය ලැබේ.
දිළිඳු දරුවෙකුගේ ජීවිතය කෙරෙහි බලපෑ හැකි හොඳම ක්‍රම වලින් එකක් නම් ඒ දරුවා වෙසෙන ජන කණ්ඩායමේ ජීවන තත්වය උසස් කිරීමයි. අප මේ ඉටු කරන්නේ පෘථුල ව්‍යාපෘති සමූහයක් මඟිනි. ඒ ව්‍යාපෘති දිනපතාම දරුවන් දහස් ගණනක් කෙරෙහි සහ ඔවුන්ගේ පවුල් කෙරෙහි බලපාන්නේ ය​.

අධ්‍යාපනය​

කුසලතා වර්ධනය

සෞඛ්‍යය​

පවුල් වලට සහාය වීම​

පෝෂණය​

යොවුන් වැඩසටහන්

ජන කණ්ඩායම් වල සහයෝගය​

sri lankan flag

දහම් සෙවනේ සිඟිත්තෝ කවුරුද​?

දහම් සෙවනේ සිඟිත්තෝ නැමැති ළමා සංවර්ධන පදනම පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකාවේ පනාගොඩ මූලස්ථානයේ බෝධිරාජාරාමයේ දීය​. පිහිටුවන ලද දිනය​1990 නොවැම්බර් 20 වෙනිදා ය​. මේ සංවිධානය නාගරික මෙන්ම ගැමි දරුවන්ටත් මුල් පාසල් අධ්‍යාපන පහසුවත් පාසල් කාලයෙන් පසු සේවාවන් රැසකුත් සම්පාදනය කරන විශාලතම සංවිධානය වේ.
දහම් සෙවනේ සිඟිත්තෝ
ළමා සංවර්ධන පදනම
WWW.DAHAMSEVANESINGITHTHO.ORG.LK
මුල් පිටුව
දහම් සෙවනේ සිඟිත්තෝ
දහම් බ්ලොගය​
පුවත්
සේවාවන්
අප ගැන
නිර්මාතෘ
අතීතය
පරිපාලනය​
රූපවාහිණී වැඩසටහන්
පුවත්පත් විස්තර
මිහිර පුවත්පත​
අපට සහය දෙන්නන්
අපව අමතන්න​
ළමා පිටුව​
ඡායාරූප සහ වීඩියෝ
ප්‍රකාශන හිමිකම © 2013දහම් සෙවනේ සිඟිත්තෝ සියළු හිමිකම් ඇවිරිණි.
| නිර්මාණය කිරීම.
daham_sevane_singiththo001005.jpg
අනුග්‍රහයකයෝ
daham_sevane_singiththo001003.jpg daham_sevane_singiththo001001.jpg